GS1 ප්‍රමිති පද්ධතිය

GS1 මඟින් ගෝලීය සැපයුම් දාම ප‍්‍රමිති පද්ධතියක් සැලසුම්කරණය සහ කළමනාකරණය සිදු කරයි.
වසර 40කට අධික කාලයක් තිස්සේ මෙරට කර්මාන්ත රැුසක් සඳහා සැපයුම් දාම මාර්ගෝපදේශකත්වය සපයන GS1 ශී‍්‍ර ලංකාහි අචල විශ්වාසය වන්නේ, සැපයුම් දාමයන්හි භාවිතය වෙනුවෙන් ගෝලීය ප‍්‍රමිතීන් නිරතුරුවම සංවර්ධනය කිරීම හා කි‍්‍රයාත්මක කිරීම සිදු කළ යුතු බවයි. එමඟින්, තොරතුරු හඳුනා ගැනීම පහසු කිරීම, ග‍්‍රහණය කිරීම හා බෙදා හදා ගැනීමට වේදිකාවක් සපයනු ලබන අතර, එහි ප‍්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට කර්මාන්තයන්හි දායකත්වය ලබා දීම වේ.

GS1 හඳුනා ගැනීමේ යතුරු යනුවෙන් පෙර හැඳින්වූ, සුළුවෙන් ආරම්භ වූ මෙම අද්විතීය හඳුනා ගැනීමේ කේත ප‍්‍රමිතිය තීරු සංකේත හා ආර්එෆ්අයිඞී (Radio Frequency Identification) මඟින් කිසියම් වස්තුවකට හඳුනා ගැනීමේ යතුරු එබ්බවීමට හැකි වන අතර, එමඟින් නොයෙකුත් භාවිතාවන් හා වෙළෙඳ හවුල්කරුවන්  අතර තොරතුරු බෙදා හදා ගැනීම පහසු කරන අතර, පාරිභෝගිකයින්ට පහසුවෙන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව ද ලබා දේ.

ඔබ ආයතනය ඔබගේ ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු හෝ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු ලෙසින් සුළු පටන් ගැන්මකින් අරඹා දියුණුවට පත් වෙමින් තිබෙන ආයතනයක් වුවත්, සැපයුම් දාමයේ ඔබ නියෝජනය කරන්නේ නිෂ්පාදකයා, බෙදා හරින්නා, සිල්ලර වෙළෙන්දා, ප‍්‍රවාහනය කරන්නා, රේගු ආයතනයක්, මෘදුකාංග සපයන්නා හෝ දේශීය හෝ විදේශීය නියාමන ආයතනයක් වුවද, ඒ සියල්ලටම පොදුවේ භාවිතා කළ හැකි වෙළෙඳ ලෝකයේ පොදු භාෂාවක් GS1 ඔබට ලබා දී සාර්ථක අද දිනයක් හා හෙට දිනයක් ඔබට උදා කර දෙයි. විශිෂ්ට සැපයුම් දාම ප‍්‍රමිතීන් හරහා වඩාත් ශක්තිමත් මාර්ගෝපදේශන සපයන, වඩාත් වේගවත් හා කාර්යක්ෂම, සංකීර්ණත්වයෙන් සහ වියදමින් අඩු සැපයුම් දාමයකට ඔබගේ ආයතනයට යොමු විය හැක.

GS1 ගැන වැඩිදුරටත් දැන ගන්න