GS1 යනු කුමක්ද?

GS1 යනු ලොව පුරා රටවල් 100ක් සාමාජිකත්වය දරන ජාත්‍යන්තර මට්ටමේ, ලාභ අපේක්ෂාවක් නොමැති ආයතනයක් වේ.
ගෝලීයව සහ ක්ෂේත‍්‍ර අතර සැපයුම් හා ඉල්ලූම් දාමවල කාර්යක්ෂමතාව හා දෘශ්‍යතාව වැඩිදියුණු කිරීමේ ගෝලීය ප‍්‍රමිතීන් සහ විසඳුම් සැලසුම්කරණයට සහ කි‍්‍රයාත්මක කිරීමට GS1 කැපව සිටී. ලොව වඩාත් පුළුල්ව භාවිතා කෙරෙන සැපයුම් දාම ප‍්‍රමිති පද්ධතිය GS1 වේ.
ගෝලීය ප‍්‍රමිතීන් සම්බන්ධයෙන් ජීඑස්1ට වසර 40කට ආසන්න පලපුරුද්දක් ඇත.
සැපයුම් හා ඉල්ලූම් දාමවල කාර්යක්ෂමතාව හා දෘශ්‍යතාව මූලිකව වැඩිදියුණු කිරීම සඳහා වන ප‍්‍රමිතීන්, සේවා හා විසඳුම් ලබා දීම GS1 සිදු කරයි.
ජීඑස්1 පද්ධතිය පිළිබඳව හා එය Global Standards Management Process – GSMP හරහා තවදුරටත් විකාශය වීම සම්බන්ධයෙන් තොරතුරු සැපයීම GS1 සිදු කරයි.