මෙරට ව්‍යාපාරවලට ජාත්‍යන්තර මට්ටමේ නව තීරු සංකේත හඳුන්වා දීම හා ශී‍්‍ර ලාංකික GS1 නිෂ්පාදන අංක දත්ත බැංකුවක් පවත්වාගෙන යෑම හරහා GS1 ශී‍්‍ර ලංකා හි අපි එම ව්‍යාපාරවලට තොරතුරු හඳුනා ගැනීම, ග‍්‍රහණය කර ගැනීම සහ බෙදා හදා ගැනීම හරහා සහාය වීමට කැපව සිටිමු. GS1 සැපයුම් දාම සම්මත කිරීමේ පද්ධතිය මෙරට කි‍්‍රයාත්මක කරන එකම අධිකාරිය අප සතු වේ.