සුපිරි වෙළෙඳ සංකීර්ණවලදී POS ස්කැනර් හරහා නිෂ්පාදන අලෙවි කර ගැනීමට නම් එම නිෂ්පාදන සියල්ලෙහිම GS1 (මීට පෙර EAN/UPC) තීරු සංකේත සඳහන්ව තිබිය යුතු වේ. සිල්ලර වෙළෙඳාම සඳහා භාර ගැනීමට පෙර GS1 තීරු සංකේතය නිෂ්පාදනයේ ලේබලයෙහි මුද්‍රණය කර තිබිය යුතුයි. ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදනය හෝ ඇසිරීම සිදු කරන සෑම නිෂ්පාදනයකටම මෙය අදාළ වේ. තීරු සංකේත අංක ලබා ගැනීම සඳහා සමාගමකට තැපැල් මඟින් අයදුම් කිරීම හෝ GS1 ලංකා කාර්යාලයට පැමිණීම මඟින් සිදු කළ හැක.
ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සඳහා පහත සඳහන් ලියැවිලි ඉදිරිපත් කළ යුතුයි:
ඉහත සඳහන් සුදුසුකම් සියල්ල සපුරා ඇත්නම්, නියමිත ගෙවීම් සිදු කිරීම (වර්ගීකරණ සූචිය බලන්න) මඟින් අදාළ ව්‍යාපාරයට තීරු සංකේත අංක ලබා දෙන අතර, ඒවායේ පරිගණකගත කරන ලද පිටපතක් ද ලැබෙනු ඇත.